ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රහස් කාමරය ජනතාවට!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රහස් කාමරය ජනතාවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙතෙක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වෙන්කර තිබූ විශේෂ කාමරය ඊයේ (24) සිට සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ජපාන රජයේ ප්‍රදානයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ඇඳන් 1000ක ධාරිතාවයකින් යුක්තව ආරම්භ විය. කෙසේ වෙතත්, එම මුල් සැලසුමට අමතරව ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අංක 1001 දරන විශේෂ කාමරය වෙන් කර තිබිණි.

වසර 42ක නඩත්තුව සහ වත්මන් තීරණය

රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණි. එසේ වුවද, ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් රෝගීන්ගේ භාවිතයට නොගෙන අධික පිරිවැයක් දරමින් මෙය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කර ඇත.

රාජ්‍ය දේපොළ සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.

මෙම පියවරත් සමඟ රෝහල් පද්ධතිය තුළ පවතින මෙවැනි භාවිතයට නොගන්නා වරප්‍රසාදිත සම්පත් පොදු ජනතාවගේ යහපත උදෙසා යොමු කිරීමේ නව ප්‍රවණතාවක් ආරම්භ වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න