පළමු වරට CIA මුල් පුටුවට කාන්තාවක් !

පළමු වරට CIA මුල් පුටුවට කාන්තාවක් !

CIA සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ  Michael Richard Pompeo අමෙරිකානු රාජ්‍ය ලේකම් ලෙස පත්කිරීමත් සමඟ  පුරප්පාඩු වූ එම තනතුර  සඳහා 61 වියේ පසුවන  Gina Haspel පත්කිරීමට ඇමරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. 

අමෙරිකානු සී.අයි.ඒ. රහස් ඔත්තු සේවයේ නව අධ්‍යක්ෂවරිය ලෙස 61 හැවිරිදි Gina Haspel පත් කිරීමට නිර්දේශ කර සිටියේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වන අතර ඒ සම්බන්ධව  සෙනට් මණ්ඩලයේ පැවති ජන්ද විමසීමේදී  Gina Haspel ට  54ට 45ක් ලෙස ජන්ද හිමිව ඇත.

Gina Haspel  ගේ මෙම පත්වීම සී.අයි.ඒ.  රහස් ඔත්තු සේවය සදහා  කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගතවන අතර විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ අමෙරිකානු බුද්ධි අංශය පිළිබඳ මනා දැනුමක් ඇති ඇයව එම තනතුරට පත්කිරීම ට්‍රම්ප් පාලනය ගනුලැබූ වැදගත් තීරණයක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න