ඊශ්‍රායල හමුදා ඊයේ (19) ගාසා තීරයේ ගුවන් ප්‍රහාරයක් සිදු කළහ. ඉන්, පලස්තීනුවන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, රොයිටර්ස් කියයි. හමාස් පාලන ප්‍රදේශයක් වෙත එම ප්‍රහාරය එල්ල වී තිබේ.
සන්නද්ධ හමාස් ත්‍රස්තයින්, ඊශ්‍රයල හමුදා ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් අනතුරුව හමාස් ඉලක්ක සොයා ගුවනින් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. ගසා සටන් විරාමයට දැන් සති හයකි. හමාස් සංවිධානය එය උල්ලංඝනය කළ බව, ඊශ්‍රායලය චෝදනා කරයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය හමාස් සංවිධානයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. එය ගාසා සටන් විරාමය නිර්දය ලෙස කඩ කිරීමකැයි ඔවුහු පවසති. එක්සත් ජනපදය සිය සටන් විරාම වැඩපිළිවෙළට ගරු කරමින්, ඊශ්‍රායලය කෙරෙහි තදින් සිටින ලෙස එම සංවිධානය දන්වා සිටී.
හමාස් සංවිධානය එසේ කීවද, සටන් විරාමය කඩ කරන්නේ ඔවුන් බව නම සඳහන් කිරීමෙන් වැළකී සිටි එක්සත් ජනපද නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පවසයි. හමාස් සංවිධානය අවි බිම තබා ගාසා තීරය නිරායුධකරණය කර සටන් විරාමය ට සහාය දිය යුතු බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
" ඔය උප්පරවැට්ටි වලට කවුරුත් රැවටෙන්නෙ නෑ," යි එම නිලධාරියා පැවසූ බව රොයිටර්ස් කියයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

