උතුරු කොරියාව සමඟ ගිවිසුමකට ට්‍රම්ප් සුදානම් වෙයි !

උතුරු කොරියාව සමඟ ගිවිසුමකට ට්‍රම්ප් සුදානම් වෙයි !

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ තමන් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන හමුවේදී කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.වාර්තා කර ඇති ආකාරයට එළඹෙන  12 වනදා පැවැත්වෙන එම හමුව යම් දිනෙක උතුරු කොරියාව සමග සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට හේතු විය හැකි බව ද ජනපති ට්‍රම්ප් පවසා ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ අදහස් දක්වා ඇත්තේ  ජපාන අගමැති ශින්සෝ අබේ සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වන අතර  උතුරු කොරියානු නායකයා හා තමන් අතර පැවැත්වෙන පළමු හමුවේදීම  ගිවිසුමකට අත්සන් තැබීමට ද අපේක්ෂා කරන බවද ට්‍රම්ප්  පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න