බ්‍රිතාන්‍ය බී.බී.සී පුවත් සේවයට එදිරිව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් අඛණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ගයේ නියැලෙන බව එම පුවත් සේවය අද (16) නිවේදනය කළේය.
ඔහුගේ කථාවක කොටස් තැන තැන වෙන් වශයෙන් ගෙන සංස්කරණය කර ප්‍රචාරය කිරීම පිළිබඳව, එම පුවත් සේවයට එරෙහිව ජනපතිවරයා අධිකරණයේ කරුණු ගොනු කළේය.
බී.බී.සී. පුවත් සේවය එම වැඩසටහන ඉල්ලා අස්කර සමාව ඉල්ලා, වන්දි නොගෙවන්නේ නම්, හානි පූර්ණය වෙනුවෙන්, ජනපති ට්‍රම්ප්ගේ නීතීඥයෝ, එම පුවත් සේවයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉල්ලා සිටියහ.
එම සංස්කරණිත කථාවෙන්, ජනපති ට්‍රම්ප් විසින් සිය සහායක පිරිස් වෙත ප්‍රකෝපකාරී හිංසනයට සෘජු ආරධානා කළ බවට වැරදි වැටහීමක් ඇති කර ඇතැයි, පැවසූ බී.බී.සී. පුවත් සේවය, 2024 විකාශය වූ එම වැඩසටහන යළි ප්‍රචාරය නොකරන බව, මීට පෙර පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් එවර, එම පුවත් සේවය ජනපති ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටියද ඔහුගේ වන්දි ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයේ පවතින නඩු කටයුත්තක් පිලිබඳ වැඩිදුර කරුණු දැක්වීමෙන් වැළකී සිටින බව බී.බී.සී. පුවත් සේවය පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

