අලි අට දෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ දුම්රිය අනතුර

අලි අට දෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ දුම්රිය අනතුර

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබු අධිවේගී දුම්රියක ගැටීමෙන් වන අලින් 08 දෙනෙකු මිය ගොස් තවත් වන අලියෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ දුම්රිය ඉන්දියාවේ සයිරං නගරයේ සිට නවදිල්ලි නගරය දක්වා ධාවනය වෙමින් තිබියදී එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම අනතුර හේතුවෙන් දුම්රියේ එන්ජිම සහ මැදිරි පහක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධියෙන් කිසිදු මගියෙකුට තුවාල සිදුව නැහැ.

අනතුර සිදු වූ අවස්ථාවේදී අදාළ දුම්රියේ නියමුවා හදිසි තරංග යෙදූ නමුත් අනතුර වලක්වා ගත නොහැකි වී ඇති බවයි ඉන්දීය රජය පවසන්නේ.

ප්‍රදේශයේ පැවති අධික මිදුම් තත්ත්වය හේතුවෙන් අනතුර සිදු වූ බවයි ප්‍රදේශවාසින් සැක පළ කරන්නේ.

අනතුරට ලක් වූ දුම්රිය මැදිරිවල මගීන්ට තාවකාලිකව වෙනත් මැදිරිවල නවාතැන් පහසුකම් ලබාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

අදාළ දුම්රිය මේ වනවිට ගුවහාටි බලා පිටත් වූ බව ඉන්දීය බලධාරින් පවසනවා.

පීලි පැනීම හේතුවෙන් ඉන්දියාවේ ඉහළ ඇසෑම් සහ ඊසානදිග ප්‍රදේශ වෙත දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පසුගිය වසර පහ තුළ ඉන්දියාව පුරා දුම්රිය අනතුරු වලින් අලි ඇතුන් 80කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

( nethnews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න