රුසියාවේ, මොස්කව් නුවර බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.
මීට දෙදිනකට පෙර එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඝාතනය වූ ස්ථානය අසල අද (24), සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු උත්සාහ ගත් අවස්ථාවේ එම පිපිරීම සිදු විය. සිද්ධියෙන් එම සැක කටයුතු පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් විය.
සිව් වසරක රුසියා - යුක්‍රේන යුද්ධයෙන් මේ වන විට රුසියානු ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයින් රැසක් ඝාතනය වී ඇත. එම ප්‍රහාර රැසක වගකීම යුක්‍රේන බුද්ධි අංශ විසින් පිළිගෙන තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
12/24/2025
Two police officers killed by bomb in Moscow near site of Russian general's killing

