'ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න කැමතියි - වෙනිසියුලා වැඩ බලන ජනපතිනි

'ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න කැමතියි - වෙනිසියුලා වැඩ බලන ජනපතිනි

වෙනිසියුලාවට යළි පහර දෙන බවට එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ තර්ජනයෙන් අනතුරුව, සහයෝගයෙන් "වැඩ කිරීමට කැමති " බව දන්වා එරට අන්තර්වාර පාලනය විසින් ට්‍රම්ප් පරිපාලනයට දැනුම් දී තිබේ.

එමගින්, "එක්ව බෙදාගැනෙන සංවර්ධන" න්‍යාය පත්‍රයකටකැමැත්ත පල කර තිබේ.

වැඩ බලන ජනපතිනි, ඩෙල්සි රොඩ්‍රිගෝස් සමාජ මාධ්‍යයේ අදහස් පළකරමින්, එක්සත් ජනපදය හා ගෞරවාන්විත ද්වීපාර්ශ්වීය සබඳතා පවත්වා ගැනීම මූලික කොට ගත් නව වැඩපිළිවෙළකට අවතීර්ණ වන බව, ඊයේ (4) දන්වා සිටියාය.

සෙනසුරාදා (3) එක්සත් ජනපද ආක්‍රමණය, එරට ජාතික සම්පත් කොල්ලකෑම පිණිස දියත් කළ එකකැයි, ඇය විසින් ඊට පෙර චෝදනා කර තිබිණි. එම චෝදනාවෙන් පසු ඇය වෙනිසියුලාව අතැර රුසියාවට පලා ගියාය.

ප්‍රජා යහපැවැත්මේ සහ සහජීවනයේ තිරසර බව උදෙසා, ජාත්‍යන්තර නීති රාමුවක පිහිටා සහයෝගයෙන් බෙදාගැනෙන සංවර්ධන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම පිණිස, එක්ව කටයුතු කිරීමට එක්සත් ජනපදයට ආරාධනා කරන බව, ඇය දැන් කියා සිටින්නීය.

"ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අපේ ජනතාව සහ අපේ කලාපය කැමැත්ත සාමයට සහ සාකච්ඡාවට මිස යුද්ධයට නොවේ," යි ඇය කියා සිටී.

වෙනිසියුලාවේ තෙල් ඇමතිනිය ලෙස ද කටයුතු කරන, මදුරෝ පරිපාලන අභ්‍යන්තර වළල්ලේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූ ඇය ගේ ක්‍රියා කලාපය ජනපති ට්‍රම්ප්ගේ ද විශ්වාසය දිනා තිබේ. " ඩෙල්සි, අප හා වැඩ කිරීමට කැමතියි," යනුවෙන් ඔහු විසින් ද පවසා ඇත.

කෙසේ වුව, ප්‍රසිද්ධ අදහස් දැක්වීමේදී මදුරෝ සහ ආර්‍යාව රඳවා තැබීම පැහැරගැනීමක් බව කියා සිටි රොඩ්‍රිගෝස්, වෙනිසියුලාවේ නීත්‍යානුකූල නායකයා ඔහු බව ද ප්‍රකාශ කළාය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Venezuela's Maduro due in court, loyalists send message to Trump

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න