ඇමරිකාවට එරෙහි යුරෝපා තීරුබදු : අද සිට ක්‍රියාත්මකයි !

ඇමරිකාවට එරෙහි යුරෝපා තීරුබදු : අද සිට ක්‍රියාත්මකයි !

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තියට විරෝධය දැක්වීමක් වශයෙන්  අමෙරිකානු භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති අතර එය අද (22) සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊට අනුව යුරෝ බිලියන 2.8ක වටිනාකමින් යුත් අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා මෙම තීරුබදු පැනවීම සිදුවේ..
 
ඒ අනුව මත්පැන් විශේෂ , යතුරු පැදි ,  ආහාර , ඩෙනිම් ඇතුළු ඇඟලුම්  යන අමෙරිකානු නිෂ්පාදන ගණනාවක්  යුරෝපා සංගම් තීරු බද්දට යටත් වනු ඇත.

නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගම් සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් සඳහන් කර සිටින්නේ  අමෙරිකාව යුරෝපා සංගමයට බදු පැනවීම සියලු න්‍යායන්ට හා ඉතිහාසයට එරෙහි කටයුත්තක් බවය.

අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ මත 25%ක සහ ඇලුමිනියම් මත 10%ක තීරුබද්දක් හඳුන්වා දෙන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කල අතර ඒ අනුව  මේ මස පළමු වන දා සිට යුරෝපා සංගමය කැනඩාව, මෙක්සිකෝව ඇතුළු රටවල් ගණනාවකට එම තීරුබදු ක්‍රියාත්මක වෙමින් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න