Image

රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්

රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්

කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම මත, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පුළුල් වැඩසටහනක් සම්පාදනය කර ඇත. රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම වැඩසටහන තුළ දිවයින පුරා රෝහල්වල සීටී (Computed Tomography) ස්කෑනර් සේවා පුළුල් කිරීම හා නවීකරණය කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇති අතර, ඒ අනුව අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රෝහල්වලට නවීන තාක්ෂණික සීටී ස්කෑනර් යන්ත්‍ර ලබාදීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී.

365 6812 01.MP4.00 00 03 15.Still001

ඒ යටතේ කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් 128 - ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160 ක වටිනාකමකින් යුත් සීටී  ස්කෑනර් යන්ත්‍රයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මගින් මේ වනවිටත් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640 ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් හතරක් ද දැනටමත් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ  දඹුල්ල, නාවලපිටිය, හලාවත, මන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා  රුපියල් මිලියන 950 ක වටිනාකමකින් යුත් අතිනවින සීටී ස්කෑනර් මිලදි ගැනීම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

දීර්ඝ කාලයක් පුරා බොහෝ රජයේ රෝහල්වල රෝග විනිශ්චය සඳහා යොදා ගැනුණේ 16-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර වේ. එම යන්ත්‍ර රෝගීන්ට ප්‍රයෝජනවත් සේවාවක් සපයා තිබුණ ද, වර්තමාන වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා කෙටි වේලාවක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් ලබාගත හැකි 64-ස්ලයිස් සහ 128-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍යතාවය මෙරට රෝහල් පද්ධතියට දැඩි ලෙස  අවශ්‍යව  තිබුණි. මෙම අවශ්‍යතාව හඳුනා ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දිවයිනේ රෝහල් සඳහා නවීන සීටී  ස්කෑනර් ලබාදීමේ පුළුල් වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඒ අනුව අලුතින් ම සපයන ලබන මෙම අධි තාක්ෂණික පද්ධති මගින් ආඝාත, හදිසි අනතුරු, පිළිකා, හෘද හා රුධිර නාල රෝග මෙන්ම හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවක් තුළ වඩාත් නිවැරදි රෝග විනිශ්ච්‍යයන් ලබාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවෙනු ඇත.

මෙම වැඩසටහනේ සුවිශේෂත්වය වනුයේ  එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට පමණක් සීමා නොවී පළාත් සභා රෝහල් ද ආවරණය කිරීමයි. එමඟින් දුරබැහැර ප්‍රදේශවල ජනතාවට ද ප්‍රධාන නගරවලට පමණක් සීමා වී තිබූ උසස් රෝග විනිශ්චය පහසුකම් ප්‍රාදේශීයව ද ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙම ආයෝජන හුදෙක් නව උපකරණ මිලදී ගැනීමකට පමණක් සීමා නොවන අතර, එය ජනතාවට කඩිනම් රෝග විනිශ්චය, ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කිරීම, වෛද්‍ය තීරණ ගැනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජීවිත රැක ගැනීම අරමුණු කරගත් පුළුල් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක වැඩසටහනේ එක් අදියරක් පමණි.

මෙරට තුළ තුළ ඉහළයමින් පවතින බෝ නොවන රෝග, මාර්ග අනතුරු සහ වයස්ගත ජනගහනය ඉහළයාම තුළින් මතුවන අභියෝගවලට මුහුණ දීමට ද මෙම නවීන සීටී ස්කැනර් සේවා ජාලය  පුළුල් කිරිම තුළින් ඉතා වැදගත් දායකත්වයක් ලැබෙනු ඇත.

365 6814 01.MP4.00 00 03 06.Still001

0026ZT.15 50 12 00.Still001

365 6140 01.MP4.00 00 02 07.Still001

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්              

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න