Image

ඊශ්‍රායල මහ මැතිවරණය ඔක්තොබර් මස 27

ඊශ්‍රායල මහ මැතිවරණය ඔක්තොබර් මස 27

ඔක්තොබර් මස 27 වන දින ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වීමට නියමිත යැයි එරට පාර්ලිමේන්තුව නිවේදනය කර ඇත.

එරට ව්‍යවස්ථාවට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නීත්‍යනුකූලව අවසර හිමිව ඇත්තේ ඔක්තෝබර් මස 27 වනදා ය.

මේ වන විට වැඩිම කාලයක් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන නෙතන්යාහු නැවත වරක් ධුරයට තරග කරන බව ද තහවුරු කර ඇත.

මෙම මැතිවරණය, ගාසාවේ යුද්ධය ආරම්භ වූ දින සිට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගේ නායකත්වය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස ද සැලකිය හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

එරට වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන් කිරීමේ සැසිවාරය ද එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත අතර ම අඩ සියවසකට පමණ පසු සම්පුර්ණ වසර 4ක ධුර කාලය සම්පුර්ණ කළ රජය බවට නෙතන්යාහු ගේ අන්ත දක්ෂිණාංශික සභාග රජය පත්වන බව ද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න