ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization – WAICO) පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29ක් අත්සන් තබා තිබෙනවා.
ඊයේ(16) ශංහයිහි දී අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව මෙම සංවිධානය ශංහයි නගරය මූලස්ථානය කරගත් ස්වාධීන අන්තර් රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එහි දී චීන විදේශ අමාත්‍ය වං යී චීන රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

ගිවිසුමෙහි අපේක්ෂාව

කසක්ස්ථානය, ලාඕසය, පාකිස්ථානය, රුසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 29ක නියෝජිතයින් මෙම ගිවිසුමට අත්සන් තැබී ය. ඒ සමගම එම රටවල් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් බවට පත් වනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ගිවිසුමට අනුව, මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සුරක්ෂිත කරන අතර, පොදු ප්‍රතිලාභ වෙනුවෙන් පුළුල් උපදේශන සහ ඒකාබද්ධ දායකත්වයන් ලබා දීම සඳහා කැපවෙමින් ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකට අනුගත වීම සහතික කර තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව සහ ගෝලීය පාලනය ප්‍රවර්ධනය මෙහි අරමුණ වන අතර, ආරක්ෂිත සහ සාධාරණ බව සහතික කරමින් සමස්ත මානව වර්ගයා ගේ ම යහපත උදෙසා කෘත්‍රිම බුද්ධියේ යහපත් සහ ක්‍රමානුකූල සංවර්ධනය ඵලදායී ලෙසින් දියුණු කිරීම මෙහි අපේක්ෂාවයි.
අනාගත වසර පහ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ පුහුණු අවස්ථා 5000ක්

මේ අතර 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද(17) ශැංහයි හි දී ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා.
චීන ජනාධිපති ෂී ජින්පිං මෙහි දී ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම පිළිබඳ චීනයේ ප්‍රධාන පියවර ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාළ පාර්ශ්වවල පොදු ප්‍රයත්න යටතේ, ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය ශංහයිහි දී ස්ථාපිත කර ඇතැයි ෂී ජින්පිං එහි දී පැවසුවා. ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීමේ චීනයේ ප්‍රධාන පියවර අනුව, අනාගත වසර පහ තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ පුහුණු අවස්ථා 5000ක් අදාළ ක්ෂේත්‍රයේ ශිල්පීන් වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා.
ආසියාන් සංගමය, අරාබි සංගමය, අප්‍රිකානු සංගමය, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව, ශංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි භාවිත සහයෝගිතා මධ්‍යස්ථානය ගොඩනැගීමට ද අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම, චීනය නිකුත් කළ කාලගුණික තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ බුද්ධිමය පූර්ව සැලැස්ම වන MAZU සැලැස්ම රටවල් 30ක් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමෙන් එහි ආරක්ෂාව සහතික කරනු ඇති බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ - චීන මාධ්‍ය සමූහය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
