2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද (17) ශැංහයිහි දී ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා. ‘සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම’ යන්න එහි තේමාවයි.
ජනතාව කේන්ද්‍ර කර ගත්, ත්‍යාගශීලී සහ හිතකර සංකල්පයකට අනුගත වීම චීනයේ ස්ථාවරය බව ජනපති ෂී ජින්පිං එහි දී ප්‍රකාශ කළා. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බව ද ඔහු පැවසුවා.
හෙතෙම එහි දී සිව්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
නිසි වගකීමකින් යුක්ත දැවැන්ත රටක් වශයෙන් චීනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේදී පොදු නිෂ්පාදන සැපයුම්කරුවකු ලෙසත්, ඵලදායී විසඳුම් ඉදිරිපත් කරන්නකු ලෙසත් කටයුතු කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කළා. ඔහු ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම පිළිබඳ චීනයේ ප්‍රධාන පියවර ද ප්‍රකාශයට පත් කළා.
කසක්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කාම්බෝජ අගමැති Hun Manet, තායිලන්ත අගමැති Anutin Charnvirakul, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres යන අය ද එම අවස්ථාවට එක් වෙමින් දේශන සිදු කළහ. ඔවුන් ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය සඳහා චීනය සිදු කරන දායකත්වය අගයමින්, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා සහ පියවරවලට සක්‍රිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අනතුරුව ‘2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීමේ සභාපතිවරයාගේ ප්‍රකාශය’ද නිකුත් කළා.
දිනූෂි ධීරසිංහ - චීන මාධ්‍ය සමූහය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
