Image

ළමා අපයෝජන වීඩියෝ ළඟ තබාගත් කැනඩාවේ ශ්‍රී ලාංකික දොස්තරට නඩු

ළමා අපයෝජන වීඩියෝ ළඟ තබාගත් කැනඩාවේ ශ්‍රී ලාංකික දොස්තරට නඩු

දරුවන් ලිංගික අපයෝජනයට ලක් කෙරෙන වීඩියෝ ළඟ තබාගැනීමේ චෝදනා මත ටොරොන්ටෝ නගරයේ ළමා රෝහලක සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන වෛද්‍ය ඩිලාන් දිසානායකට එරෙහිව නඩු පැවරූ බව පොලිසිය පවසනවා.

කිසියම් පුද්ගලයකු විසින් ළමුන් ලිංගික අපයෝජනයට ලක් කෙරෙන වීඩියෝ බාගත කළ බව පොලිසියේ අන්තර්ජාල ළමා අපයෝජන ඒකකයට වාර්තා වීමෙන් අනතුරුව මේ වසරේ ජනවාරි මාසයේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේ පුද්ගලික නිවසක් සහ ඔහු සේවය කළ රෝහල පරීක්ෂාවට ලක් කළ බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එහිදී වෛද්‍ය දිසානායක භාවිත කළ පරිගණකය ඇතුළු ඉලෙක්ට්‍රොනික මෙවලම් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබුණා.

විමර්ශනවලින් අනතුරුව 44 හැවිරිදි වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජුලි 21 වෙනි අඟහරුවාදා ය.

කෙසේ වුවත් වෛද්‍ය දිසානායක ගේ රැකියාව සහ ළමා ලිංගික අපයෝජන අතර සම්බන්ධයක් ඇතැයි මේ වනතුරු කිසිදු සාක්ෂියක් හමු වී නැති බවත් පොලිසිය පවසනවා.

සිය රෝහලේ සේවය කළ වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ටොරොන්ටෝ නුවර SickKids රෝහල බරපතළ කම්පනය සහ කනගාටුව පළ කර තිබෙන අතර, ඔන්ටාරියෝ වෛද්‍ය බලධාරීන් විසින් වෛද්‍ය දිසානායක ගේ බලපත්‍රය ද තාවකාලිකව අවලංගු කර ඇත. ඔහුට එරෙහි චෝදනා අනාවරණය වූ වහාම ඔහු ගේ වැඩ තහනම් කළ බවත් රෝහල් බලධාරීන් පවසනවා.

රෝහල් වෙබ් අඩවියේ පළ කර තිබෙන වාර්තාවකට අනුව, වෛද්‍ය ඩිලාන් දිසානායකට සිය දරුවන් හැරුණු විට වෙනත් කිසිදු දරුවකු සමග තනිව හැසිරීමත් තහනම් ය. එය, ඔහු ගේ එක් ඇප කොන්දේසියකි.

 

saroj

 

 

 

 සටහන - සරෝජ් පතිරණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න