Image

නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කෙරේ

නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කෙරේ

ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇත.

එම අධිකාරිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) වෙත කරන ලද දැනුම් දීමකට අනුව, දිවයිනේ සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත මෙම වෙබ් අඩවි අවහිර කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ 15, 16 සහ 18 වගන්ති ප්‍රකාරව නියමිත වලංගු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යෑම මෙන්ම එවැනි සේවා ප්‍රවර්ධනය කිරීම ද පනතේ 44 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව රජය අවධාරණය කරයි.

මෙසේ අවහිර කළවෙබ් අඩවි 24 අතර: 1xbet.com, betway.com, 22bet.com, melbet.com, unibet.com, betfair.com, dafabet.com, bet365.com, 1win.com සහ stake.com යනාදි ජාත්‍යන්තරව ප්‍රචලිත අඩවි රැසක් ඇතුළත් වේ.

නීතිමය රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලත් අන්තර්ජාල සූදු වේදිකාවල නිරත වීමෙන් සහ ඒවායේ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි. මහජනතාව ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ඉදිරියටත් අවශ්‍ය නියාමන පියවර ගන්නා බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ජයසිරි මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න