Image

ළමා දූෂක සැකකරුට VIP සැලකිලි දුන් අනුරාධපුර පොලිසියේ ජඩ වැඩේ හෙළිවෙයි; CI දිවුල්වැව ඇතුළු තක්කඩි නිලධාරීන් නීතිය හමුවට

ළමා දූෂක සැකකරුට VIP සැලකිලි දුන් අනුරාධපුර පොලිසියේ ජඩ වැඩේ හෙළිවෙයි; CI දිවුල්වැව ඇතුළු තක්කඩි නිලධාරීන් නීතිය හමුවට

අනුරාධපුර අධිකරණ සංකීර්ණය අසල සිදුවූ නීති විරෝධී සහ පිළිකුල් සහගත සිදුවීම පිටුපස සිටින සැබෑ සූත්‍රධාරීන් කවුරුන්ද යන්න දැන් මුළු රටටම හෙළිදරව් වී තිබේ. බරපතළ ළමා ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකරුවෙකු වන පල්ලේගම හේමරතන හිමියන්, සාමාන්‍ය සැකකරුවන් යන එන ප්‍රධාන දොරටුවෙන් නොව, විනිසුරුවරුන් සඳහා ම වෙන් කර ඇති විශේෂ VIP ගේට්ටුවෙන් කළු වීදුරු සහිත වාහනයකින් ඇතුළට ගැනීමට කටයුතු කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ වැඩබලන HQI (ප්‍රධාන පොලිස් පරීක්ෂක) දිවුල්වැව ගේ අනුග්‍රහයෙනි.

චෝදනාලාභී ළමා දූෂකයෙකුට මෙලෙස අධිකරණයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට පවා හානි කරමින්, විනිසුරුවරුන්ගේ ගේට්ටුවෙන්ම ඇතුළු වීමට ඉඩ සැලසූ මෙම ජඩ ක්‍රියාව සිදුකළේ කවර පදනමකින්ද යන්න ප්‍රශ්න කළ යුතුය. CI දිවුල්වැව මෙම නීති විරෝධී වරප්‍රසාදය ලබා දුන්නේ මුදලට යටවී ද, නැතහොත් බලපුළුවන්කාරකම් හමුවේ කොන්ද නමා ද යන්න පිළිබඳව රට හමුවේ කරුණු හෙළි විය යුතුය. එපමණක් නොව, කළු වීදුරු සහිත වාහනයකින් මෙලෙස සැකකරු ඇතුළට ගැනීමට ඉහළින් නියෝග දුන්නේ කවුරුන් ද, එම නියෝගය ආවේ කාගෙන් ද යන්න වහාම පරීක්ෂණ පවත්වා අනාවරණය කරගත යුතුව ඇත.

මෙම අත්තනෝමතික සහ නීති විරෝධී ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණයේ ද අවධානය යොමු වී තිබේ. අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී, මෙකී ළමා ස්ත්‍රී දූෂණ සැකකරුට විනිසුරුවරුන් ඇතුළු වන ගේට්ටුවෙන් ඇතුළු වීමට පහසුකම් සැලසුවේ කවුරුන් ද යන්න පිළිබඳව වහාම සොයා බලා වාර්තාවක් සපයන ලෙස නඩුව කැඳවූ විනිසුරුවරයා විසින් නියෝග කර ඇත. අධිකරණය විසින් ලබාදුන් මෙම නියෝගය තුළින් ම පැහැදිලි වන්නේ පොලිස් නිලධාරීන් අතින් සිදුව ඇත්තේ කෙතරම් බරපතළ සහ නීති විරෝධී ක්‍රියාවක් ද යන්නයි.

මෙම අශෝභන සිදුවීමට අමතරව තවත් දැඩි සැකකටයුතු කරුණක් වන්නේ, ඊයේ දින රාජකාරී වේලාව තුළ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ භූමියට පැමිණ සිටීම යි. උඩමළුව පොලිස් ස්ථානාධිපතිවරයා ගේ නිල රාජකාරිය ඇත්තේ උඩමළුව ප්‍රදේශයේ ද නැතහොත් අධිකරණ භූමිය තුළද යන්න ප්‍රශ්න කළ යුතුය. තමන්ගේ රාජකාරි බලප්‍රදේශය අතහැර, ළමා දූෂණ නඩුවක සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට මෙන් අධිකරණ භූමියට පැමිණි මෙවැනි නිලධාරීන්ගේ සැබෑ අරමුණ කුමක්ද?

ජනතාවාදී නීතියක් ගැන කතා කරන රටක, නීතිය අභිබවා යමින්, අපරාධකරුවන් සහ ළමා දූෂකයන් සුරැකීමට කටයුතු කරන මෙවැනි තක්කඩි පොලිස් නිලධාරීන් නිසා සමස්ත පොලිස් පද්ධතියම මහජනතාව හමුවේ ලැජ්ජාවට පත්වේ. සීඅයි දිවුල්වැව ඇතුළු නීතිය නමන සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය හා විනයානුකූල පියවර ගෙන, මොවුන්ගේ සැබෑ ස්වරූපය මුළු රටටම අනාවරණය කළ යුතුය.

 

WhatsApp Image 2026 08 05 at 4.40.49 AM 1 

 

 

සම්පත් දිල්ලිමුණි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න