ජනප්‍රිය ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(01) රාත්‍රියේ ජිවීතයෙන් සමුගෙන ඇති බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
මියයන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවූයේය.
ප්‍රියංකර පෙරේරා නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ ජේ ඒ මිල්ටන් පෙරේරා ගේ වැඩිමහල් පුත්‍රයා වන අතර සිය පියාගෙන් ලද සංගීත උරුමය රැකගනිමින් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයේ සිය අනන්‍යතාවය සනිටුහන් කළේය.
මෙරට සංගීත ක්ෂේත්රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80 - 90 දශකවල අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙසයි ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ.
එම ගීත අතර රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සිහින දෙව්දුවේ, පිස්සු විකාරේ, අගාධ සාගරයේ, සමාන වී ඉපදී දිවි තලාවේ සහ පෙර ආත්මයක එක රාත්‍රියක වැනි ගීත රැසක් ඇතුළත්.
ගීත කලාවට පමණක් සීමා නොවූ ඔහු "සුරඟන", "සීතල ගිනි කඳු", "නින්ජා ශ්‍රී ලංකා" ඇතුළු සිනමා හා ටෙලි නිර්මාණ රැසකින් රංගන ශිල්පියෙකු ලෙසද ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත් විය.
ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය සැමියා වූ ඔහු, දිල්මින් පෙරේරාගේ පියාණන් වන අතර, ජනප්‍රිය ගායක චලක චමුපති පෙරේරා මහතාගේ වැඩිමහල් සහෝදරයාද විය.
ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද (02) කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඔහුගේ බිරිද වන ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක සදහන් කර සිටියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
