ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම මෙන්න !

ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම මෙන්න !

මහ මැතිවරණයට පෙර පකිස්තානය පාලනය කල PMLN  පක්ෂයේ පාලන සමයේ සහ ඊට පෙර පැවති ආණ්ඩුවල සිදුවූ මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා සහ දුෂණ සෙවීම සඳහා  පකිස්තානයේ  නව අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දීමට නියමිත ඉම්රාන් ඛාන්ගේ අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී දූෂිත ආකාරයෙන් විදෙස් රටවලට ගෙනගිය පාකිස්ථාන මුදල් යළි සොයා ගැනීම සදහා මහා බ්‍රිතාන්‍ය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහාය තමන් අපේක්ෂා කරන බව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ඉම්රාන් ඛාන් සදහන් කරන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

පසුගිය ආණ්ඩුවලදී දේශපාලනඥයන් රටේ මුදල් විදේශ රටවලයට දූෂිත ආකාරයෙන් ගෙන ගොස් ඇති බවත් මුදල් විශුද්ධි කරණය වැළැක්වීම සදහා දැඩි පියවර ගැනිමට තමන් සූදානම් බවද ඉම්රාන් ඛාන් සදහන් කර තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් පකිස්තාන මැතිවරණයේ අවසන් නිල  ජන්ද ප්‍රතිඵලය නිකුත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 7 වනදා වන අතර ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දීමට  නියමිතව ඇත්තේ අගෝස්තු 11 වනදාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න