මදුරෝගේ අළුත් මුදල් ඒකකයෙන් :  වෙනිසියුලාව කබලෙන් ලිපිට ! 

මදුරෝගේ අළුත් මුදල් ඒකකයෙන් :  වෙනිසියුලාව කබලෙන් ලිපිට ! 

වෙනිසියුලාවේ මුදල් ඒකකය වෙනස් කර නව මුදල් ඒකකයක් හඳුන්වාදීමත් සමඟ එරට  ආර්ථිකය බරපතල  කඩා වැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 බොලිවර් ලෙස හදුන්වන මෙතෙක් භාවිතා කළ මුදල් ඒකකය වෙනුවට සවරින් බොලිවර් ලෙස නව මුදල් ඒකකයක් පසුගිය 21 වනදා සිට  සිට හදුන්වා දීමට එරට  ජනපති නිකොලොස් මදුරෝ කටයුතු කරනු කල අතර ඒ  රටේ පවතින උද්ධනමය සහ ආර්ථික අර්බුදයට විසඳුමක් අපේක්ෂාවෙන්ය.

නමුත් වාර්තා වන ආකාරයට මෙම  මුදල් ඒකකයට එරට ව්‍යාපාරිකයන් සිය විරෝධය පළ කරන අතර මේ නිසා ඊයේ (22) දිනයේ කිසිදු ව්‍යාපාර කටයුත්තක් සිදුව නොමැති බවද  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මෙම නව මුදල් ඒකකයට විරෝධය පළ කරමින් ව්‍යාපාරික ස්ථාන දහස් ගණනක් වසා දමා ඇති බවත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය රටට අවාසිදායක වනු ඇති බවත්  ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න