තායි රජකුමරියගේ අගමැති සිහිනය බොඳවේ !

තායි රජකුමරියගේ අගමැති සිහිනය බොඳවේ !

තායිලන්ත රජු මහා වජිරලොන්කොන්ගේ ප්‍රකාශය අණක් ලෙස සළකා රාජකන්‍යා බර්නවාදී කුමරිය අග්‍රාමාත්‍යය ධූරය සඳහා ඉදිරිපත් නොකරන බව තායි රක්සා චාට් පක්ෂය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙතෙක් එරට රාජකීයන් දේශපාලනයට යොමු නොවීම හේතුවෙන් 67 හැවිරිදි රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය අපේක්ෂක ධූරයට ඉදිරිපත් වීම තායි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බවය.

මහා වජිරලොන්කොන් රජු සිය සොහොයුරියගේ දේශපාලනයට පිවිසිම දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කිරිම හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තායි රජ මැදුර නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එවැනි ක්‍රියාවක් ජාතියේ සංස්කෘතියට අපහාස කිරිමක් වන බවයි.

මාර්තු 24 වැනි දා පැවැත්වෙන තායි මහමැතිවරණය සඳහා රාජකන්‍යා කුමරිය තරග වදින බව පසුගිය 8 වනදා පවසා තිබුණි.

ඇය තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් හා සිරිකින් රැජණ පළමු දරුවා ලෙස 1957 දී ස්විස්ටර්ලන්තයේ දී උපත ලබා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න