ගුවන් ප‍්‍රහාරවලින් සිරියාවේ සිවිල් 15ක් මරුට

ගුවන් ප‍්‍රහාරවලින් සිරියාවේ සිවිල් 15ක් මරුට

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයට එල්ල වූ ගුවන් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මියගිය අය අතර වයස අවුරුදු 05ක් වයසැති කුඩා දරුවන් වන බව ඔවුන් සදහන් කරන අතර රුසියාවේ සහය ලබන එරට හමුදාව විසින් කැරලිකරුවන් සිටින ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අඛන්ඩව ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බවද විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න