බ්‍රිතාන්‍යයේ අගමැති වෙන්න දෙදෙනෙක් සූදානමින්

බ්‍රිතාන්‍යයේ අගමැති වෙන්න දෙදෙනෙක් සූදානමින්

බ්‍රිතාන්‍යයේ මීළග අගමැතිවරයා තෝරාපත් කරගැනීමේ අවසන් ඡන්ද විමසීම සඳහා පාලක කන්සවේටිව් පක්ෂයේ බොරිස් ජොන්සන් සහ ජෙරමි හන්ට් සුදුසුකම් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව බ්‍රිතාන්‍යෙය් මීලග අගමැතිවරයා ලබන මස අවසානයේදී තේරීපත් වනු ඇති බව විදෙස් පුවත් පවසයි.

බ්‍රිතාන්‍යෙය් පාලක කන්සවේටිව් පක්ෂ නායකත්ව සටනේ අවසන් තරගකරුවන් දෙදෙනා පසුගියදා තේරීපත් වුණි.

එහිදී හිටපු විදෙස් කටයුතු ලේකම්වරයා වූ බොරිස් ජොන්සන් සහ වත්මන් විදෙස් ලේකම් ජෙරමි හන්ට් දෙදෙනා නායකත්ව සටනේ අවසන් අදියර සදහා සුදුසුකම් ලබා ඇත.

මේ අනුව මොවුන් දෙදෙනාගෙන් පක්ෂ නායකත්වයට පත්වන තැනැත්තා බ්‍රිතාන්‍ෙය් මීලග අග්‍රාමාත්‍ය ධුරය සඳහාද තේරීපත් වනු ඇත.

පක්ෂ නායකත්වය තෝරාගැනීම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීම් මාලාවක් පැවැත්වුණු අතර ඡන්දයේ පස්වැනි අදියර සඳහා ජොන්සන් හන්ට් සහ මයිකල් ගෝවේ ඉදිරිපත්වූ විය. එහිදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 160ක් ලබාගත් බොරිස් ජොන්සන් පහසු ජයක් ලබාගත්තේය.

දෙවැනි ස්ථානයට පත්වූ හන්ට් දිනාගැනීමට සමත්වුණේ ආසන 77ක් පමණි.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසකගේ සහාය තමන් වෙත හිමි වීම ගෞරවයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජොන්සන් පවසා ඇත.

අට වසරකට පෙර ලන්ඩන් නගරාධිපතිවරයා බවට පත්වෙමින් කන්සවේටිව් පක්ෂයේ කැපීපෙනෙන ස්ථානයකට පත්වූ බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් මතවාදයේ නායකත්වය ද ඉසිලීය.

යෝජිත පරිදි ලබන ලබන ඔක්තෝබර් මස 31වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ හැකියාව තමන් සතු බවද පසුගියදා බොරිස් ජොන්සන් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න