සෞදියට යුද අවි අලෙවි කළ බි‍්‍රතාන්‍යයට නඩු

සෞදියට යුද අවි අලෙවි කළ බි‍්‍රතාන්‍යයට නඩු

සෞදි අරාබිය වෙත මහා පරිමාණයෙන් යුද අවි අපනයනය කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කිරීම ගල්ෆ් කලාපයේ සාමයට බාධාවක් ලෙස දක්වමින් ගොනුකළ නඩුවක් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්ථා වේ.

අවි වෙළෙඳාමට එරෙහි ව්‍යාපාරය විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකළ නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස බ්‍රිතාන්‍ය රජයට අධිකරණය නියෝග කර ඇත.

විශේෂයෙන්ම යේමනයේ පවතින ගැටුම් මේ වනවිට ජාත්‍යන්තර මානව නීති බරපතළ ලෙස උල්ලංඝනය වන අවස්ථාවක් දක්වා උග‍්‍ර වී ඇති බවද පෙන්වා දී ඇති එම ව්‍යාපාරය, මෙම අවි එම යුද මෙහෙයුම් සඳහා භාවිත වීමට පැහැදිලි ඉඩක් පවතින බවද අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

ඒ අනුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන විනිසුරුවරයා පවසා තිබුණේ යේමනය තුළ සෞදි අරාබිය ප්‍රමුඛව දියත් වන ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මගින් ජාත්‍යන්තර මානවීය නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය රජය කිසිදු උත්සාහයක් හෝ දරා නොමැති බවයි. එබැවින් බ්‍රිතාන්‍ය රජය මේ පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවත් අනාගත අවදානමක් පවතීද යන්න පිළිබඳ තක්සේරුවක් කළ යුතු බවත් අධිකරණය තරයේ පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දෙන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලීමක් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න