Language Switcher

V2025

චීන - කැනඩා ගිනි නිවන්න ට‍්‍රම්ප් මැදිහත් වෙයි

ඇමෙරිකානු න්‍යාය පත්‍රයට කටයුතු කිරීමෙන් චීනය සහ කැනඩාව අතර ඇතිවී තිබෙන මතභේදය සමනය කිරීමට තමන් සියලු ආකාරයේ සහාය දක්වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.

වොෂිංටනයේ සංචාරයක නිතර කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ වෙත ඇමෙරිකානු නායකයා මෙම සහතිකය ලබාදී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

විශේෂයෙන්ම ජපානයේදී පැවැත්වෙන එලැඹෙන ඨ20 රාජ්‍ය නායක සමුළුවේදී චීනයේදී අත්අඩංගුවට පත් කැනේඩියානුවන් දෙදෙනා සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙනු ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි ටෘඩෝ මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම චීනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් වූ කරුණු ගැන සාකච්ඡාවට කැනේඩියානු නායකයා ඇමෙරිකාවට පැමිණ තිබුණි.

කැනඩාව හා චීනය අතර මෙම ගැටුම උත්සන්න වූයේ ඇමෙරිකාවේ ඉල්ලීමක් මත හුවාවේ සමාගමේ විධායක නිලධාරිනියක වූ මෙන්ග් වැන්සෝව් එරට වැන්කෝවර් නගරයේදී අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

කෙසේ වෙතත් ඇය අත්අඩංගුවට ගැනීමත් සමග ඊට එකට එක කිරීමක් ලෙස චීනයේ සිටි හිටපු රාජ්‍යාත්න්‍රිකයෙකු වූ මයිකල් කොව්රින්ග් සහ ව්‍යාපාරිකයෙකු වූ මයිකල් ස්පැවෝර් චීනයට එරෙහිව ඔත්තු බැලුවේ යැයි යන චෝදනා මත අත්අඩංගුවට ගැනීමට චීනය කටයුතු කර තිබිණ.