චීන ජනපති උතුරු කොරියානු සංචාරය අරඹයි

චීන ජනපති උතුරු කොරියානු සංචාරය අරඹයි

වසර 14ක ඉතිහාසය තුළ පැමිණි ප්‍රථම චීන නායකයා ලෙස චීන ජනපති ෂී ජින්පිං උතුරු කොරියාව වෙත නිල සංචාරයක නිරත වේ.

උතුරු කොරියාවේ ප්යොන්ග්යැන් නුවරට ළඟා වූ චීන නායකයා ඉතා ඉහළ රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කරනු ලැබීය.

නායක දෙපළ දෙරටටම වැදගත් ආර්ථිකය සම්බන්ධ කාරණා සහ මෙන්ම, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් ආරජචි මාර්ග සදහන් කරයි.

මාස 15ක කාලයක් තුළ මෙම නායක දෙපළ අතර සිදුවන 5 වැනි සාකච්ඡාව මෙය වන අතර උතුරු කොරියානු භූමිය තුළ සිදුවන ප්‍රථම සාකච්ඡාවද වේ.

මෙම රාජ්‍යයන් දෙකම මේ වනවිට එක්සත් ජනපදය සමග මත ගැටුමක සිටින අතර චීනය වෙළෙඳ ගැටුමක් ද සහ උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුද පිළිබඳ ගැටුමක්ද ඇති ක ගෙන තිබීම විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න