චීනයට ගංවතුර : 10ක් මරුට

චීනයට ගංවතුර : 10ක් මරුට

දකුණුදිග චීනයට බලපා ඇති ගංවතුරින් මේ දක්වා පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ආපදා තත්ත්වයෙන් තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන්ය.

චීනයේ දකුණුදිග ගුවන්සි චුවාන් ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ දැවැන්ත ගංවතුරක් හටගත් අතර මේ හේතුවෙන්

කලාපයේ මහාමාර්ග පද්ධතියටත් දැඩි ලෙස අලාභාහානි සිදුව ඇත එමෙන්ම තැනින් තැන නායයාමේ තත්වයන්ද වාර්තා වී ඇත.

නිවාස, රථවාහන ඇතුළු දේපළ රැසක්ද ජල ගැලීම්ට හසුවී ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

මේ අතර ජල ගැලීම්වලට හසුවීමෙන් නිවෙස් තුළ සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුමක් එරට බලධාරීන් විසින් ආරම්භ කර ඇත.

ඒ සඳහා ගිනි නිවීම් සේවකයන් සමග පොලිස් නිලධාරීන් තුන්සීයක කණ්ඩායමක්ද යොදවා ඇති බව සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න