Image

අපේ වැඩ ලෝකය රොබෝ අතට පත් වුවහොත්..? - Ideas front වීඩියෝවක්

අපේ වැඩ ලෝකය රොබෝ අතට පත් වුවහොත්..? - Ideas front වීඩියෝවක්

අනාගතයේ දී අපේ වැඩ ලෝකය සම්පූර්ණයෙන් ම රොබෝ විසින් අත්පත් කරගනු ලැබුව හොත් අපිට: අපේ ජීවිතය සහ චින්තනය යනු කුමක්ද සහ ඊට සරිලන ආකාරයේ රැකියා අවස්ථා නිර්මාණය කරන්නේ කෙසේද කියා අපි මේ මොහොතේ සිට සැලසුම් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2030 වසර වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.2කට රැකියා සැපයිය යුතු වුව ද දැනට පවතින තත්ත්වය අනුව ඒ වන විට සැපයිය හැකි රැකියා ප්‍රමාණය මිලියන 400ක් පමණක් බවත් ඉතිරි මිලියන 800 සම්බන්ධ ගැටලුවට විසඳුම් සොයාගත යුතු බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න