ඉරානයට දැඩි සම්බාධක

ඉරානයට දැඩි සම්බාධක

ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.

ඊට අදාළ ලේඛනයට ද ජනාධිපති ට්‍රම්ප් ඊයේ අත්සන් කරනු ලැබීය.

දෙරට අතර අර්බුදය උග්‍රවී ඇති පසුබිමක අමෙරිකාව ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවා තිබීම විශේෂත්වයකි.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනිද මෙම නව සම්බාධක වල ඉලක්කයක් වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ඉරානය විසින් අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලනු ලැබූ අතර ඊට ප්‍රතිචාරයක් ලෙස සම්බාධක පැනවීම සිදුකර ඇති බව පැවසේ.

ඉරාන නායකයන් සමග සාකච්ඡාවකට තමා සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළද තමාට එරෙහි සම්බාධක ඉවත් කරන තුරු සාකච්ඡාවකට එක් නොවන බව ඉරානය පවසයි.

එමෙන්ම ට්‍රම්ප් රජය යුද පිපාසයකින් පෙලෙන බවටත් ඉරානය චෝදනා කර සිටියි.

මේ අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ ඇමති ජාවෙඩ් සරීෆ් සඳහන් කළේ අමෙරිකාව රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවමානයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

 

කෙසේ නමුත් මෙම වාතාවරණය තුළදී රාජ්‍ය තාන්ත්‍රික භාවය භාවිත කරන ලෙසත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ජගත් සංවිධානය දෙපාර්ශවයෙන් ඉල්ලා ඇතැයිද සඳහන්ය.

 

එමෙන්ම මේ පිළිදව රුසියන් ජනපති පුටින් විසින් පසුගියදා අනතුරු අගවනු ලැබීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න