කියුබාවේ ගමක් හදන්න ලංකාවෙන් මුදල්

කියුබාවේ ගමක් හදන්න ලංකාවෙන් මුදල්

සුළි කුණාටුවක් හේතුවෙන් හානියට පත් වු කියුබාවේ ගම්මානයක් නැවත ගොඩනැඟීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වු සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇති හවනාහි රෙග්ලා ආශ්‍රිත ගම්මානයක් මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

ඒ සදහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න