කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක්. 34ක් මරුට

කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක්. 34ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තිස් හතර දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

එහිදී හැටකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

කාබුල් නගරයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී බෝම්බ පිරවූ ට්‍රක් රථයක් මෙසේ පුපරවා හැර ඇති අතර

ඒ සමග ගොඩනැගිල්ලට ඇතුල්වූ තලිබාන් තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීමක්ද සිදුකර ඇතැයි එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

 කාර්යබහුල වේලාවකදී සිදුවූ මෙම ප්‍රහාර වලින් බොහෝ පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 තුවක්කුකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාරයක්ද දියත් කර ඇති අතරබෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. ඔවුන් අතර ළමුන් තිහකට අධික පිරිසක් සිටින බව සදහන්ය.

 එමෙන්ම සිදුවීමන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවද එම වාර්තාවල සඳහන් කරයි.

 ඇෆ්ගනිස්තානයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් සමග හත් වන වටයේ සාකච්ඡා කටාර් රාජ්‍යයේදී ආරම්භ කර දින දෙකකට පසුව මෙම ප්‍රහාරය සිදුකර තිබීමත් විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න