ඉරානය විසින් 2015 වසරේදී ලෝක බලවතුන් සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමේ සීමාවන් උල්ලංඝනය කරමින් යුරේනියම් න්‍යෂ්ටික බන්ධන නිස්සාරණය කර ඇති බව අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය සදහන් කරයි.
ඒ හරහා ඉරානයට න්‍යෂ්ටික බලාගාර ඉන්ධන සපයා ගැනීමට මෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයටද වැඩි ඉඩකඩක් ඇති බව එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.
මේ පිළිබදව අදහස් දැක්වූ ඉරාන බලධාරීන් සදහන් කර ඇත්තේ ඇමරිනුකානු ජනාධිපතිවරයා විසින් ඉරානයට විරුද්ධව ගනු ලැබූ පියවර හේතුවෙන් මේ ආකාරයේ ක‍්‍රියා සිදු කිරීමට කටයුතු කර ඇති බවයි.
කෙසේ වුවද මෙම ක‍්‍රියාව හරහා ඉරානයට දැඩි ප‍්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බව යුරෝපා සංගමය සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
