Language Switcher

V2025

ඉන්දියාවට ඕන විදියට ඇමෙරිකා ග‍්‍රීන් කාඩ්පත වෙනස් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිය සදහා විදේශිකයන් වෙත අවස්ථාව හිමිකර දෙන ග‍්‍රින් කාඩ්පත් ක‍්‍රමය සදහා නව නීතී සැකසීමට ඇමරිකාව පියවර ගෙන ඇත. එහිදී නව පනත ඉන්දියාවට වාසි සහගත ලෙස ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඉහළ තාක්ෂණ කුසලතා සහිත සංක‍්‍රමණිකයන්ට සාධාරණත්වය යන්න තේමා කර ගනිමින් මෙවර පනත ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි පැවසේ.

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට මිත‍්‍ර රටවල් ලෙස විවිධ ගිවිසුම් වලටද එළඹ ඇති අතර ආසියාවේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව කටයුතු කරමින් සිටියි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found