ෆිදෙල් කැස්ත්‍රෝගේ පුතා දිවි නසාගෙන

ෆිදෙල් කැස්ත්‍රෝගේ පුතා දිවි නසාගෙන

කියුබානු විප්ලවවාදී  නායක ෆිදෙල් කස්ත්‍රෝගේ වැඩිමහල් පුත්‍රයා  වන කස්ත්‍රෝ ඩියෙස්  බලාර්ට් හවානාහිදී සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 

ඊයේ(01) උදෑසන ඔහුගේ සිරුර හමුවී ඇති අතර ඔහු විෂාදය නම් රෝගයෙන්  පෙළුනෙක් බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත. 'Fidelito' යන සුරතල්  නාමයෙන්  හැඳින්වුණු  ඩියෙස්  බලාර්ට් මිය යනවිට 68 වන වියේ පසුවී තිබේ. 

ඔහු  න්‍යෂ්ටික විද්‍යාඥයෙක් ලෙසද කටයුතු කර තිබේ. කියුබාවේ නිල පුවත්පත වන Granma වාර්තා කර ඇති ආකාරයට ඩියෙස්  මාස ගණනාවක් බරපතල විෂාදය තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව පැවසේ. 

මිය යනවිට ඩියෙස් කියුබානු ජාතික කවුන්සිලයේ විද්‍යා උපදේශකයෙකු සහ කියුබා විද්‍යා ඇකඩමියේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව ඔහු පොත් කිහිපයක්ද ලියා පළකර තිබේ. 

ඔහුගේ පියාවන ෆිදෙල් කස්ත්‍රෝ ලෝකයේ වැඩිම කලක් නායකත්වය දැරු පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙමින්  වයස අවුරුදු 90 දී එනම් 2016 වසරේදී ජිවිතක්ෂයට පත්විය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න