සීතල යුද්ධ එපා - ඇමරිකාවේ යුධ සැලසුමට චීනයේ විරෝධය

සීතල යුද්ධ එපා - ඇමරිකාවේ යුධ සැලසුමට චීනයේ විරෝධය

සීතල යුධ මානසිකත්වය නැතිකරගන්න ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ තමන් කුඩා බෝම්බ නිෂ්පාදනය තුළින් න්‍යෂ්ටික ශක්තිය වැඩිදියුණු කරන බවට ඇමරිකාව විසින් නිවේදනය කිරීමත් සමඟයි.

චීන ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබුණේ ලෝකයේ වැඩිම න්‍යෂ්ටික අවි ප්‍රමාණයක් ඇති රට ලෙස ඒවා අවම කිරීමට පියවර ගැනීම වෙනුවට ඇමරිකාව එම ප්‍රතිපත්තියට විරුද්ධව යමින් සිටින බවයි.

ඇමරිකානු හමුදාව ඔවුන් සතුව පවතින න්‍යෂ්ටික ආයුධ විශාල වැඩි බව කල්පනා කිරීම හේතුවෙන් මේ ආකාරයට කුඩා ප්‍රමාණයේ බෝම්බ නිෂ්පාදනයට යොමුවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

රුසියාවද ඇමරිකාවේ මෙම යුධ සැලසුම හෙළා දැක තිබුණි.

ඉරාන විදේශ ඇමතිවරයා මේ පිළිබද අදහස් දක්වමින් පවසා තිබුණේ ඇමරිකාවේ සැලසුම ලෝකයම සමූල ඝාතනයක් වෙත තල්ලු කිරීමක් බවයි.

ඇමරිකාවේ නව සැලැස්ම

තමන් සතු න්‍යෂ්ටික අවි අයුධ යල් පැන ඇති බව සහ ඵලදායිතාවයෙන් අඩු බව ඇමරිකාව විශ්වාස කරන බව පැවසේ. එසේම ඔවුන් තමන්ට යුධමය වශයෙන් තර්ජනයක් ඇතිවිය හැකි රටවල් ලෙස චීනය, රුසියාව, උතුරු කොරියාව, සහ ඉරානය නම්කර ඇත.

පෙන්ටගනය විසින් පසුගිය සිකුරාදා නිකුත්කළ ආරක්ෂක තත්ත්වය විමසා බැලීමකට අනුව තර්ක කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ අවි නිෂ්පාදනය කිරීම එම උපකල්පනයන්ට අභියෝගයක් බවයි. අඩු ශක්තියකින් යුතු එම අවි ආයුධ අඩු ශක්තියකින් යුතු වුවත් විනාශකාරී බවෙහි අඩුවක් නැත.

පසුගිය මාසයේ නිවේදනය කළ පරිදි ඇමරිකාවේ යුධ උපක්‍රමය වන්නේ චීනය රුසියාව වැනි ප්‍රතිසංස්කරණවාදී බලවතුන්ගේ තර්ජනයන්ට එරෙහි වීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න