මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට

මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට
මාලදිවයින් පොලිසිය විසින් එරට ශ්‍රේෂඨාධිකරණයේ ප්‍රධාන  විනිසුරුවරයා සිරගත කිරීමත් සමඟ මාලදිවයිනේ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් පවතියි. 
 
රජය විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර පැයකට පසු පොලීසිය විසින් එරට  ප්‍රධාන විනිසුරුවරයා වන අබ්දුල්ලා සයිඩ් සහ තවත් විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
 මෙතෙක් ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනුකිරීමක් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැත.
 
 
 අර්බුදයේ පසුබිම 
 
මාලදිවයින යනු කොරල් පර 26න් සහ තනි තනි දූපත් 1192 න් සහිත සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධාන අදායම් මාර්ගයක් කරගත් රටකි. 
 
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස එරට උසාවිය මගින් ලබාදුන් නියෝගය  ජනාධිපති අබ්දුල්ලා යමීන්  ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එරට තුළ අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය විය. 
 
හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට   එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව අධිකරණයේ නිගමනය විය.
 
 ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ප්‍රකාර සිරගත කරනු ලැබ සිටින විරුද්ධ පක්ෂයේ දේශපාලාන සිරකරුවන් නිදහස් කරන මෙන ඉල්ලා සිටිමින් මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ දිවා රෑ නොබලා උද්ඝෝෂණවල නිරතව සිටියි.
 
නමුත් යමින් පාලනය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. 
 
2013 වසරේ ජනාධිපති යමින් බලයට පත්වීමත් සමඟ මාලදිවයින තුළ භාෂණයේ නිදහස, විරුද්ධවාදීන් මර්දනය, අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධ ගැටළු  ඇතිවිය. 
 
එරට මැතිවරණයකින් පත්වූ පළමු ජනාධිපතිවරයා වන මොහොමඩ් නෂීඩ්ද මෙම සිදුවීම සම්බන්ධව සිය විරෝධය පළකර තිබේ. 
 
ඊට අමතරව මෙම  ක්‍රියාවලිය පිළිබඳ  විරෝධය පළකරමින් ඇමරිකානු ආරක්ෂක කවුන්සිලයද නිවේදනයක් නිකුත්කර ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න