තායිවානයේ ප්‍රභල භූ කම්පනයක්

තායිවානයේ ප්‍රභල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූ චලනයක් සිදුවීම හේතුවෙන් හතර දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම භූ චලනය රික්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම භූ චලනයත් සමග තායිවාන නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි Hualien හි ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇතැයි සදහන් වේ. එම ගොඩනැගිලි තුළ පුද්ගලයන් රැසක් සිරගත වී ඇති බව විශ්වාස කෙරේ.

Hualien නගරය ලක්ෂයක පමණ ජනතාවක් ජීවත්වෙන තායිවානයේ පිහිටි ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයකි.

එහි පිහිටි රෝහල්, නිවාස සහ හෝටල් වැනි ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති ආකාරය විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

අද උදෑසන කාලයේ පටන් අතුරුදන් පුද්ගලයන් සොයා මෙහෙයුම් කටයුතු සිදුවන බවත් අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහල යා හැකි බවද තායිවාන බලධාරින් පවසා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න