දෑවැද්ද වෙනුවට වකුගඩුව ගලවාගෙන

දෑවැද්ද වෙනුවට වකුගඩුව ගලවාගෙන

දෑවැද්ද නොදීම හේතුවෙන් සැමියා තමන්ගේ වකුගඩුවක් ගලවා ගෙන ඇති බවට චෝදනා කළ ඉන්දියානු කාන්තාවකගේ සැමියා සහ මස්සිනා සිරගත කර තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට බෙංගාලි ජාතික රීටා සර්කාර්ගේ සැමියා ඇයට වසර දෙකක් පුරා පැවති උදාර වේදනාවට විසදුමක් ලෙස ඇපෙන්ඩිසයිටිස් සැත්කමක් සිදුකරන මුවාවෙන් වකුගඩුව ලබාගෙන ඇත.

පසුව එම කාන්තාවට දැනුණු අපහසුතා හේතුවෙන් කරන ලද වෛද්‍ය පරීක්ෂණ දෙකකදී සනාථ වී ඇත්තේ ඇගේ එක වකුගඩුවක් නොමැති බවයි.

රීටා සර්කාර් මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන්ගේ සැමියා නිරන්තරයෙන් දෑවැද්දක් ලබාදෙන ඉල්ලමින් තමන්ව පීඩාවට පත්කරන ලද බවයි.

එසේම තම සැමියා අදාළ සැත්කම සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගිය බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය සහ සැමියා මෙම සැත්කම සිදුකිරිමන් පසු තමන් සුව වෙනු ඇති බව පැවසූ බවත් රීටා සර්කාර් පවසයි.

මගේ පවුලේ උදවියට දෑවැද්දක් ලබා දීමට නොහැකි වීම නිසා මගේ සැමියා වකුගඩුව විකුණා මුදල් ලබාගන්නට ඇති බව ඇයගේ අදහසයි.

ඉන්දියාව තුළ දෑවැදි ලබාදීම 1961 සිට තහනම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න