රුසියානු ගුවන් අනතුරෙන් 71 දෙනෙක් ජීවිතක්ෂයට

රුසියානු ගුවන් අනතුරෙන් 71 දෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ(11) සවස රුසියාවේ මගී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් මගින් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71 ක් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සාරාටෝව් ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය ගුවන් ගතවී මිනිත්තු කිහිපයට පසු සිදුවූ ගුවන් අනතුරට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රුසියානු වාර්තා සඳහන් කරන ආකාරයට මෙම අනතුරට හේතුව කාලගුණය හෝ කාර්මික දෝෂයක් විය හැක. මෙම යානය ඔර්සක් නම් උරල් කඳු වැටියේ පිහිටි කුඩා නගරයක් වෙත ගමන් ගත්තකි.

දෙමොදෙදෝවෝ ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කර ඇති යානය අනතුරට පත්ව ඇත්තේ මොස්කව් නගරයට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි අර්ගුනොවෝ නම් ප්‍රදේශයේදියි.

ජනාධිපති පුටින් මිය ගිය අයගේ පවුල් වෙත ශෝක පණිවිඩයක් ඒවා ඇති අතර බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු බලධාරීන්ද මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර ඇත.

මෙය වසරකට පමණ පසු මගී ගුවන් යානයක් අනතුරට පත්වූ පළමු අවස්ථාවයි. 2017 වසර ලෝකයේ ගුවන් ගමන් සඳහා සුරක්ෂිතම වසර ලෙස නම් කර තිබුණි.

රුසියාවේ මිට පෙර 2016 වසරේදී ගුවන් හමුදාවට අයත් යානයක් කඩ වැටීම නිසා ජිවිත හානි 92ක් සිදුවිය. එසේම 2015 ඔක්තෝමබර් මාසයේ සංචාරකයන් රැගත් රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 224ක් මරණයට පත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න