ට්‍රම්ප්ගේ සංවර්ධන සැලස්මට විරෝධය

 ට්‍රම්ප්ගේ සංවර්ධන සැලස්මට විරෝධය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිගුකාලීන යටිතල පහසුකම් සංවර්ධන සැලස්මට විරෝධය එල්ල වී තිබේ. එම සැලස්ම විවේචනය කරන පිරිස් පවසන්නේ එය 'වංචාවක් බවයි.

මෙම සැලස්මට අනුව ට්‍රම්ප් ඇමරිකානු ඩොලර් බිලියන 200ක් දශකයක කාලයක් පුරා මාර්ග, අධිවේගී මාර්ග, වරාය සහ ගුවන්තොටුපල වෙනුවෙන් වියදම් කිරීමට යෝජනා කර තිබේ.

එසේම ජනපද රජයන් සහ පෞද්ගලික අංශ තවත් ඩොලර් ත්‍රිලියන 1.3ක් යොදවනු ඇති බව ඔහු බලාපොරොත්තුයි.

මෙම සැලැස්ම ට්‍රම්ප්ගේ දේශපාලන පොරොන්දුවක් වුවත් මේ හේතුවෙන් ඇමරිකානුවන්ට වැඩියෙන් දේශීය බදු, සහ විවිධ ගාස්තු ගෙවීමට සිදුවෙනු ඇති බවට බොහෝ දෙනෙකුගේ අදහසයි.

එසේම මෙම සැලස්ම රිපබ්ලිකන් පක්ෂයේ දශකයක් තුළ ඇමරිකානු අයවැය සමබර කිරීමේ සැලැස්ම නොතකා හැරීමකි.

ඊයේ (12) ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ තමන්ට මාර්ග, පාලම් ඉදිකිරීමට උත්සාහ කරමින් සිටින නමුත් මුදල් සොයාගැනීම ගැටළුවක් වී ඇති බවයි.

ට්‍රම්ප්ගේ යටිතල පහසුකම් සංවර්ධන සැලැස්ම

ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් නවීකරණය සඳහා වෙන් කරන ලද ඩොලර් බිලියන 50 ක මුදලක් මෙම සැලැස්ම මගින් ඉල්ලා සිටී.

ට්‍රම්ප්ට 2016 වසරේ ජන්දය ලබාදුන්නේ මෙම ජනතාවයි.

ප්‍රවාහනය හා ජලය ඇතුළු ව්යාපෘති සඳහා ණය සහ බැඳුම්කර ලෙස ඩොලර් බිලියන 20 ක මුදලක් බලාපොරොත්තු වේ.

අධිවේගී මාර්ග මත ගාස්තු එකතු කිරීම හෝ ඉහල දැමීම සඳහා මෙන්ම අධිවේගී විවේක ප්‍රදේශ භාවිතා කිරීම සඳහා ගාස්තු අය කිරීම සඳහා මෙම සැලැස්මට ඉඩ සලසන බව පැවසේ.

කෙසේ වෙතත්, එය ජලය වැනි අත්‍යවශ්‍ය සේවා වැසිකිළි සඳහා ප්‍රවේශවීමේදී ගාස්තු අයකිරීම තහනම් කර තිබේ.

එසේම මේ හරහා රේගන් සහ ඩලස් ගුවන් තොටුපළ විකිණීමේ යෝජනාවක්ද මෙහි ඇතුලත් වේ.

විරෝධයේ පණිවිඩය

මෙම සැලැස්මට දැනටමත් විරෝධය පළවී තිබේ. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අදහස වන්නේ මෙයට වඩා පස් ගුණයකින් යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් මුදල් යෙදවිය යුතු බවයි.

එසේම විශ්ලේෂකයන් පවසන්නේ මෙම සැලැස්ම හරහා රාජ්‍ය යටිතල පහසුකම් පුද්ගලීකරණය සහ පිරිවැය ජනතාව මටත පැටවීමක් සිදුවෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න