පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමූ සිව් දෙනෙකුව වෙඩි තබා මරා දමයි

පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමූ සිව් දෙනෙකුව වෙඩි තබා මරා දමයි

පසුගිය 28 වැනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර හයිද්‍රාබාද් නුවරදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක දූෂණය කර, ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තරුණ වෛද්‍යවරිය සමූහ ලෙස දූෂණය කර, මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 20ත් 26ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් සිව් දෙනා පොලිස් භාරයේ පසුවූහ.

පශු වෛද්‍යවරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජනතාව වීථි බැස විරෝධය පළ කළේ, සැකකරුවන්ට තමන්ට භාර දෙන ලෙස ඉල්ලමිනි.

මෙම පශු වෛද්‍යවරිය පසුගිය 28 වැනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර සමූහ දූෂණයට ලක්ව තිබූ අතර පසුව දූෂකයින් ඇයගේ සිරුර පුළුස්සා දමා තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න