තායිවාන හමුදා ප්‍රධානී ගුවන් අනතුරකින් ජීවිතක්‍ෂයට

තායිවාන හමුදා ප්‍රධානී ගුවන් අනතුරකින් ජීවිතක්‍ෂයට

තායිවානයේ හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් අද(02) මිය ගොස් ඇත. ඔහු සමඟ ගමන් කළ තවත් හමුදා භටයින් 07දෙනෙකු ද ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිවානයේ හමුදා ප්‍රධානී, ජෙනරාල් ෂෙන් ටී - මින්ග් සහ තවත් 12දෙනෙකු ගමන් ගත් බැලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන් වේ.

ජෙනරාල්වරයා තායිවානයේ ඊසාන දෙසින් පිහිටි හමුදා තඳවුරකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අයහපත් කාලගුණයක් පැවැති අවස්ථාවක යානය ගොඩබැස්වීමට යාමේ දී අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.

යානයේ සිටි අයගෙන් පස් දෙනෙකු දිවි ගලවාගැනීමට සමත්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න