යුක්‍රේන ගුවන් සේවයට අයත් බෝයිං සෙවන් ත්‍රී සෙවන් වර්ගයේ ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටී තිබේ.
ඉරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපොළෙන් පිටත්ව සුළු මොහොතකට පසු කඩා වැටුණු මෙම ගුවන් යානයේ මගීන් 180 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තාක්ෂණික දෝෂයක් මෙම යානය කඩා වැටීමට හේතු වූ බව සඳහන් නමුත් යානය කඩා වැටීමට අමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මුල්වුවාදැයි මෙතෙක් හෙළිවී නැත.
මෙම යානය යුක්‍රේනයේ කිව් අගනුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
