චීනයට හදිසි තත්ත්වයක්

චීනයට හදිසි තත්ත්වයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය හමුවේ මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ යාමත් හේතුවෙන් මෙම තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 830 ට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුහ.

හෙට දිනයේ නව වසරේ උදාවට චීන වැසියන් සූදානම් වෙමින් සිටියදී වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා චීනයේ ඇතැම් ප්‍රදේශවල මහජනතාවගේ ගමනාගමන කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් එම පළාත්වල ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව වාර්තා විය.

චීනයේ හුබෙයි පළාතේ මිලියන 20 කට අධික පිරිසකට පළාතට ඇතුළුවීම හා පිටවීම තහනම් කර තිබේ.

කොරොනා වෛරසයේ අවදානම හේතුවෙන් හුබෙයි පළාතේ නගර 10කට මෙම තහනම පනවා ඇති බව සඳහන් ය.

හුබෙයි පළාතේ දුම්රිය බස් හා පොදු ප්‍රවාහන මේවන විට ක්‍රියාත්මක නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව වසර වෙනුවෙන් බීජිං නුවර හා හොංකොංහි පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

චීන රජය මෙම පියවර ගෙන ඇත්තේ පිරිස් එක් රැස්වීමෙන් කොරොනා වෛරසය පැතිරීමට ඇති අවදානම සලකා බැලීමෙන් පසුවයි.

මේ අතර චීනයේ වුහාන් සිට ප්‍රංශයට පැමිණි කාන්තාවක එරට චීන තානාපති කාර්යයාලය අත්ඩංගුවට ගෙන තිබේ.

ඒ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ අනාවරණය වීම වළක්වන ඖෂධ පානය කර පැමිණීම හේතුවෙනි.

පැරිස් ගුවන් තොටුපළේ සෞඛ්‍ය පරීක්ෂණය සමත් වීමේ අරමුණින් ඇය මෙලෙස ඖෂධ පානය කර පැමිණ තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න