ගෙවල් කුලී: ආහාර මිලට ගැනීම ගැන කරදර වෙන්න එපා - කැනඩා අගමැති

ගෙවල් කුලී: ආහාර මිලට ගැනීම ගැන කරදර වෙන්න එපා - කැනඩා අගමැති

කිසිවකු ගෙවල් කුලී ගෙවීම ගැන.. එහෙමත් නැතිනම් ආහාර පාන මිලදී ගැනීමට මුදල් නැතිවීම ගැන කරදර වෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා...‘

‘එසේ පවසන්නේ මේ මොහොතේ ලෝකයේ සිටින ඕනෑම මිනිසෙකු හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරන රාජ්‍ය නායකයෙකු වන කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ය.

කොරෝනා හෙවත් COVID-19 වසංගතය හමුවේ සංවර්ධිත රටක් වන කැනඩාවේ සාමාන්‍ය ජනතාව මුහුණ දීමට නියමිත ආර්ථික අපහසුතා ගැන ඔහු අතිශය සංවේදී ය.

ඒ අනුව “significant fiscal stimulus package” හෙවත් ‘සුවිශේෂී මූල්‍ය සහන පැකේජයක්‘ කැනේඩියානුවන්ට හඳුන්වා දීමට කැනඩා රජය තීරණය කර තිබේ.

“No one should have to worry about paying rent, buying groceries, or additional child care because of COVID-19. We will help Canadians financially,” යැයි පසුගිය සිකුරාදා ජස්ටින් ටෘඩෝ පවසන්නේ ඒ අනුව ය.

''ජනතාව විපතට පත්වූ විට නායකයන් ක්‍රියා කරන ආකාරයෙන් නායකයන්ගේ සැබෑ ගතිගුණ හඳුනා ගත හැකිය. ඔවුන් ජනතාවට සැබවින්ම කොතරම් හිතෛෂීදැයි හඳුනා ගත හැකිය.''‘‘ඔබ ඔබේ සෞඛ්‍යය ගැන දුක් වෙනවා. ඔබේ පවුලේ අයගේ සෞඛ්‍යය ගැන දුක් වෙනවා. ඔබේ රැකියාව ගැන, ඔබේ ඉතුරුම් ගැන, ගෙවල් කුලී ගෙවීම ගැන, දරුවන් පාසල් නොයාම ගැන  දුක් වෙනවා. ගෝලීය ආර්ථිකයේ අස්ථාවර කම ගැන ඔබ දුක් වෙන බව මම දන්නවා. ඔබ ආරක්ෂිත නමුත් මේ අන්දමින් ජීවත් වීම තුළ ආර්ථිකයට බලපෑමක් සිදුවන බව අපි දන්නවා. නමුත් ඒ වගේම, ඔබට සුවිශේෂී ආර්ථීක සහන පැකේජයක් ලබාදෙන්නට තරම් හොඳ තත්වයක අප සිටින බවත් මම ඔබට කියනවා..“යැයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ එහිදී කියයි.  මුදල් අමාත්‍ය බිල් මොන්රේයු විසින් මෙයට අවශ්‍ය නීති රීති හා මුදල් වෙන්කිරීම් ලහි ලහියේ සූදානම් කරමින් සිටියි.

මෙම සුවිශේෂී පැකේජය ලබාදෙන්නේ මේ සතියේ මුල කොරෝනා සමග සටන් කිරීම සඳහා ම වෙන් කළ ඩොලර් බිලියනයක පැකේජයට අමතරව ය.''කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මේ සියල්ල කරන්නේ ‘ළඟ එන ඡන්දයක්‘ ඉලක්ක කරගෙන නොවන බව ද මතක තබා ගන්න!''කැනේඩියානු අගමැතිවරයාගේ පවුල ද මේ වන විට නිරෝධායනයට ලක්ව සිටියි. ඔහුගේ බිරිඳ වන සොෆී කොරෝනා ආසාදනයට ලක්ව ඇති බව පසුගියදා හෙළි විය.

කොරෝනා ලක්ෂණ නොමැති නම්, එය පරීක්ෂා කර ගැනීමේ උවමනාවක් ද නොමැති හෙයින්, වෛද්‍ය උපදෙස් අනුව ටෘඩෝ කොවිඩ්-19 පරීක්ෂාවන් සඳහා නිකරුණේ ලක්වූයේ නැත.ටෘඩෝ මේ වන විට අගමැති ධුරයේ වැඩ කටයුතු කරන්නේ නිවසේ සිට ය.

තවත් සති 2 ක කාලයක් මේ අන්දමින් ඔහු නිවසේ සිට රැකියාව කරනු ඇත. ඒ අනුව සිය රට වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීමට ඔහු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැළෙයි.ජූලි 1 වැනිදා වන තෙක් මගීන් 500 කට අධික කිසිදු නෞකාවක් කැනඩා තොටුපොළවල ගොඩ නොබෑ යුතු බව ඔහු විසින් ගෙන ඇති එක් තීරණයකි. අන්තර්ජාතික ගුවන් සේවාවන් සඳහා ද විවෘත කර තිබෙන්නේ සීමිත ගුවන් තොටුපොළ ගණනක් පමණි.

කැනඩාවෙන් පිටතට සිදුකරන අත්‍යාවශ්‍ය නොවන සියලු ගමන් බිමන් නතර කරන ලෙසට ද ආණ්ඩුවෙන් නියම කර තිබේ.

ජනතාව විපතට පත්වූ විට නායකයන් ක්‍රියා කරන ආකාරයෙන් නායකයන්ගේ සැබෑ ගතිගුණ හඳුනා ගත හැකිය. ඔවුන් ජනතාවට සැබවින්ම කොතරම් හිතෛෂීදැයි හඳුනා ගත හැකිය.

(නීතිඥ රදිකා ගුණරත්න - https://outboundtoday.com/)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න