Language Switcher

V2025

ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය පහළට

ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොළිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

උගස් පොළී අනුපාතය ද, 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොළිය පහත දමා ඇත්තේ 16% ලෙසයි.

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ.

ඒ අනූව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found