මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් රාගම දුම්රිය ස්ථානයට

මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් රාගම දුම්රිය ස්ථානයට

මහජන බැංකුවේ ස්වයං ටෙලර් යන්ත්‍රයක් රාගම දුම්රිය ස්ථානයේදි විවෘත කිරිම පසුගියදා සිදුකෙරිණි .

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප්‍රවාහන අමාත්‍යංශය හා එක්ව දිවයින පුරා මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ATM) 100ක් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ඉදිකිරිමේ වැඩපිළිවෙල යටතේ මෙය ස්ථාපිත කෙරිණි.

දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට මීගමුව දුම්රිය ස්ථානාධිපති වී.ඩි ප්‍රියංකර, මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශිය කළමනාකාර වසන්ත රත්නායක යන මහත්වරුන්, රාගම ශාඛා කළමනාකාරිනි කේ.ඩී දිස්නා ජයතිලක මහත්මිය, දුම්රිය දෙපාර්තුමේන්තුවේ සහ බැංකු නිලධාරින් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න