මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් මන්නාරමට

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් මන්නාරමට

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් (Self Banking Unit) පසුගියදා මන්නාරම මහජන බැංකු ශාඛා පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍රයකින් සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මු`ඵ වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට මන්නාරම ප්‍රාදේශිය ලේකම් එම්. පරමාදසන් මහතා, මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. එස් සුගන්ධි යන මහත්මිය, මහජන බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කළමනාකාර ආර්. රවිකරන්, වන්නි සහකාර ප්‍රාදේශිය කළමනාකාර එච්.එම්.යූ.එච්. හේරත්, මන්නාරම ශාඛා කළමනාකාර කේ. ප්‍රදීප් යන මහත්වරුන් ඇතු`ඵ මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න