උද්ධමනයේ පහළ යාමක් !

උද්ධමනයේ පහළ යාමක් !

2024 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ උද්ධමනයේ යම් පහළ යාමක් පෙන්නුම් කර ඇත .

ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා ඉදිරිපත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සම්බන්ධ වාර්තාවට අනුවය .

ඊට අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 පෙබරවාරි මාසය සඳහා 5.9% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ජනවාරි මාසය සඳහා 6.4% ක් ලෙස වාර්තා වී ඇත.

2024 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජනවාරි මාසයේ දී එය වාර්තා වුයේ 3.3 % ක් ලෙසයි.

එමෙන්ම, 2024 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 7.0% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජනවාරි මාසයේ දී 7.9 % ක් ලෙස වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න