මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය යෝර්ක් වීදියේ විවෘතයි

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය යෝර්ක් වීදියේ විවෘතයි

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 01, යෝර්ක් වීදියේදී විවෘත කෙරිණි.

ශ‍්‍රී ලංකා බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂි මං සලකුණක් සනිටුවහන් කරමින් මහජන බැංකුව හඳුන්වාදී ඇති ඩිජිටල්කරණ කි‍්‍රයාදාමයට සමගාමීව තොරතුරු තාක්ෂණ දෙපාර්තුමේන්තුවේ කි‍්‍රයාවලිය තවත් වැඩිදියුණු කිරිමේ අරමුණින් මෙම නව්‍යතා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

මෙම විවෘත කිරිමේ අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාරික බැංකු) රසිත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) කේ. බී. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තොරතුරු තාක්ෂණ) සඳලාල් එදිරිසිංහ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (ඩිජිටල් බැංකුකරණ) රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු ආයතනික කළමනාකාරිත්වය හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.

මහජන බැංකුවේ පහළම ස්ථාවරයේ සිට ඉහළම ස්ථාරය දක්වා සියලූම මෙහෙයුම් අංශ ඇතුළත් වන පරිදි සමස්ත මෙහෙයුම් ආකෘතියම ආවරණය කරමින් අංග සම්පුර්ණ ඩිජිටල් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන දිවයිනේ ප‍්‍රථම බැංකුකරණ ආයතනය වන්නේ මහජන බැංකුවයි. එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළම තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසේ.

දැනට ලොව පවතින දියුණුතම තාක්ෂණික පදනමක් සිය ඩිජිටල්කරණ ක‍්‍රියාවලිය සඳහා මහජන බැංකුව උපයෝගී කරගෙන තිබේ. බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙරමුණට පැමිණීමට උපකාරී වන මෙම නවතම තාක්ෂණය, ශාඛා ජාලය සමඟ සම්බන්ධ කරන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම නව්‍යතා මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න