නත්තල් සමයට Y5 2017 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්

නත්තල් සමයට Y5 2017 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත Y5 2017 සහ Y7 ස්මාර්ට්ෆෝන් විශෞෂ මිලකට හදුන්වා දෙයි. නත්තල් සමය සහ අළුත් අවුරුද්ද වෙනුවෙන් Huawei වෙතින් පාරිභෝගිකයා වෙත මෙම ස්මාර්ට්ෆෝන් තිළිණ කිරීමට නියමිතය.

Huawei හි ජනප්‍රියතම Y Series යටතේ හදුන්වා දෙන මෙම ස්මාර්ට්ෆෝන් දෙක අතුරින් Huawei Y7 ස්මාර්ට්ෆෝනය මනරම් නිමාවකින් යුක්ත වැඩි ආයු කාලයක් සහිත 4000 mAh බැටරියකින් සමන්විත වෙන අතර smart power-saving තාක්ෂණයෙන් සහ ඉතා හොඳ තත්වයේ කැමරාවකින් ද සමන්විත වෙයි.දිවයින පුරා පිහිටි සිංගර් අලෙවි සැල් සහ බලයලත් නියෝජිත ජාලය ඔස්සේ සහ Huawei මධ්‍යස්ථාන වලදී මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් අලෙවි සැල්වලින් මෙම ස්මාර්ට්ෆෝනය මිලදී ගත හැකිය. 5.5” large HD තිරයකින් සමන්විත Huawei Y7 ස්මාර්ට්ෆෝනය සුපැහදිලි වර්ණ රටාවලින් සමන්විත ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහිත ස්මාර්ට්ෆෝනයකි. මෙය වක්‍ර හැඩැති 2.5D වීදුරු තිරයකින් සමන්විත ස්මාර්ට්ෆෝනයකි.

Huawei Y5 2017 ස්මාර්ට්ෆෝනය මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝනයක් ලෙස හඳුන්වා දෙන අතර 3G සහ 4G යන ආකාර දෙකින්ම මිලදී ගැනීමේ හැකියාව පවතියි.

Huawei Y5 2017 මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝනයක් වුව විශේෂතා රැසකින් යුතු ස්මාර්ට්ෆෝනයකි. 1.4GHz quad-core MediaTek MT6737T ප්‍රොසෙසරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය 2GB RAM සහ 16GB ගබඩා පහසුකම් වලින් සමන්විත වන අතර මෙම ධාරිතාව microSD cardභාවිතයෙන් 128GB දක්වා පුළුල් කිරීමේ පහසුකම සහිත ස්මාර්ට්ෆෝනයකි. අඟල් 5ක් දිග පුළුල් තිරයකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය HD (720p) resolution සහ සෙල්ෆි ඡායාරූප සඳහාම වන 5MP ඉදිරිපස කැමරාවකින් සහ 8 MP පසුපස කැමරාවකින් සමන්විත වෙයි. EMUI 4.1 ආවරණය කරමින් Android Marshmallow 6.0 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය ඉවත් කළ නොහැකි 3000mAh බැටරියකින් ද සමන්විතය. මෙම උත්සව සමයේදී තෑගි බෝග තෝරා ගැනීමේදී මෙම ස්මාර්ට්ෆෝන් සහ විශේෂ දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන් Huawei සිය පාරිභෝගික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න